ඔබ අසාමාන්‍ය ලෙස රූපවාහිනියට ඇබ්බැහි වෙලාද? විද්‍යාඥයන් කළ අමුතුම හෙළිදරව්ව

රූපවාහිනිය නැරඹීමට බොහෝ දෙනා පුරුදුව සිටිනවා. ඇතැම් විට එය ජීවිතයේ අංගයක් කර ගැනීමද අපේ බොහෝ ගෘහණියන්ගේ සිරිතක් වී තිබෙනවා. නමුත් නවතම පර්යේෂණයකට අනුව රූපවාහිනියට ඇබ්බැහි වූවන්ගේ මානසික මට්ටම සාමාන්‍ය පුද්ගලයන්ට වඩා දුර්වල වන බව අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ  California සහ San Francisco විශ්ව විද්‍යාල වල පර්යේෂකයන් පිරිසක්. එහිදී ඔවුන් බුද්ධි මට්ටම සහ රූපවාහිනිය නැරඹීම අතර සම්බන්ධයක් පවතින බව සොයා ගත්තා. ඔවුන් ඒ සදහා වයස අවුරුදු 18-30 ත් අතර පුද්ගලයන් 3247 ක් මධ්‍යන්‍යයක් ලෙස කොපමණ ප‍්‍රමාණයක් රූපවාහිනිය නරඹනවාද යන කරුණ මත වර්ගීකරණය කර පසුව ඔවුන්ගේ පිරිසැකසුම් වේගය සහ වචන හැසිරවීමේ හැකියාව සහ බුද්ධි මට්ටම පරික්ෂා කරනු ලැබුවා.

ප‍්‍රතිඵල වලින් දැක ගත හැකි වූයේ වැඩි පුර රූපවාහිනිය නරඹන්නන් සාමාන්‍ය පුද්ගලයින්ට වඩා දෙගුණයකින් පමණ අඩු මානසික මට්ටමක් පවතින බවයි.

වැඩිපුර රූපවාහිනිය නැරඹීම සහ කායික ක‍්‍රියාකාරකම් අඩුවෙන් සිදු කිරීම මෙයට වඩාත්ම තදින් බලපාන බවද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා. එම පර්යේෂණයේ සම්පූර්ණ තොරතුරු ඔවුන් ප‍්‍රකාශයට පත් කළේ JAMA Psychaiatry නම් සගරාව තුළයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *