දිනකට තක්කාලි යුෂ වීදුරුවක් බීවොත් සිදුවන අදහාගත නොහැකි දේ

තක්කාලි කී පමණින් මතක් වන්නේ ආහාර රසවත් කිරීමෙහි ලා ඉටු කරන වගකීමයි. නමුත් ඊට අමතරව තක්කාලි වැදගත් ඖෂධයක් ලෙස ද භාවිතා කළ හැකි බව තායිවානයේ විශ්වවිද්‍යාලයක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන් මේ සදහා විවිධ වයස් වල, විවිධ බර ප‍්‍රමාණ සහිත සහ විවිධ සම්භවයන් සහිත කාන්තාවන් භාවිතා කළ අතර ඔවුන්ට දිනකට මිලි ලීටර් 250 ක් බැගින් මාස 2 ක කාලයක් දිනපතා තක්කාලි යුෂ ලබා දුන්නා.

මෙහිදී පර්යේෂකයන්ට දැක ගැනීමට ලැබුණ පළමු නිරීක්ෂණය වූයේ සැලකිය යුතු ලෙස සිරුරේ බර අඩු වීම. මෙය ජලය පිට විම නිසා සිදු වීම වූවක් නොව අමතර මේදය දහනය වීමෙන් සිදු වන බව පර්යේෂකයන් අනාවරණය කර ගත්තා. මෙහිදී පර්යේෂකයන් කාන්තාවන්ගේ ආහර රටාවන් සහ ව්‍යායාම ගැන සැලකිලිමත් නොවුන අතර ඒවා ඔවුන් පෙර සිට සිදු කළ ආකාරයටම සිදු කළා.

මීට අමතරව පර්යේෂණය ආරම්භයේදී සහ අවසානයේදී ලබා ගත් රුධිර නියැදි පරික්ෂා කිරීමෙන් පසු එහි කොලෙස්ටෙරෝල් ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවද ශරීර සෞඛ්‍යය සදහා ඉතා වැදගත් වන ලයිකොපේන් නම් ප‍්‍රති ඔක්සිකාරකය බහුලව පවතින බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

පර්යේෂණයට අනුව දිනකට තක්කාලි යුෂ වීදුරුවක් පානය කිරීම මගින් හෘදරෝග වලින් මිදීම, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ වර්ධනය, පිළිකා අවධානම අඩු වීම වැනි ප‍්‍රතිලාභයන් ලැබෙනවා. එමෙන්ම ජීර්ණ ක‍්‍රියාවලිය පහසු කිරීම මෙන්ම පෙනහළු, අග්න්‍යාසය, අක්මාව සහ මූත‍්‍රාශයේ නිරෝගී බව වැඩි කිරීමටද උදව් වෙනවා.

එමෙන්ම නිරෝගී චර්මයක් ලබා දීම, කැස්ස පාලනය කිරීම සහ අව රුධිර පීඩනය (ඇනමියාව) නැති කිරීම වැනි ප‍්‍රතිලාභයන්ද ලැබෙනවා.

පර්යේෂණයට අනුව දිනකට තක්කාලි යුෂ වීදුරුවක් පානය කිරීම මගින් හෘදරෝග වලින් මිදීම, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ වර්ධනය, පිළිකා අවධානම අඩු වීම වැනි ප‍්‍රතිලාභයන් ලැබෙනවා. එමෙන්ම ජීර්ණ ක‍්‍රියාවලිය පහසු කිරීම මෙන්ම පෙනහළු, අග්න්‍යාසය, අක්මාව සහ මූත‍්‍රාශයේ නිරෝගී බව වැඩි කිරීමටද උදව් වෙනවා.
සාදාගන්නේ කෙසේද?
නටු ඉවත් කරන ලද තක්කාලි හොදින් සොදාගෙන කුඩා කැබලි වලට කපා හොදින් බ්ලෙන්ඞ් කරගන්න. පසුව සීනි ස්වල්පයක් සහ ලූණු ස්වල්පයක් එකතු කර විනාඩි 10 ක් පමණ මද ගින්නේ පිස ගන්න. එම කාලය තුළ හොදින් කැකෑරීමටද අමතක කරන්න එපා. පසුව නිවීමට ඉඩ හැර හොදින් ජීවානුහරණය කරන ලද බෝතල් වලට දමා ශීතකරණයක තබා දිනකට වීදුරුව බැගින් පානය කිරීම මගින් මෙහි අඩංගු ප‍්‍රතිලාභයන් ලබා ගත හැකි වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *