දිවේ වර්ණයෙන් සහ ස්වභාවයෙන් ඔබ ගැන කියවෙන අනාවැකි

ඔබ ආහරයට ගන්නා ආහාර වල රසය ඔබට දැනෙන්නේ දිව නිසා ය. දිවේ විවිධ ප‍්‍රදෙශ ඒ ඒ රස සදහා සංවේදී වීම මෙයට හේතු වෙනවා. මීට අමතරව නවතම පර්යේෂණ වලට අනුව දිව මගින් විවිධ ලෙඩ රෝග පිළිබඳව බාහිරයට ප‍්‍රකාශ කරන බවද අනාවරණය කරගෙන තිබෙනවා. මෙම රෝග ලක්ෂණ අනාවරණය කරගමින් ප‍්‍රතිකාර කිරීම මගින් ඇතැම් විට මරණයෙන් වුවද ගැලවීමට හැකියාව් පවතින බව පර්යේෂකයන් පෙනවා දෙනවා. ඒ සදහා වැදගත් වන ලක්ෂණ කිහිපයක් පිළිබදව අද විමසා බලමු.

1. දිවෙහි ස්වභාවය වෙනස් වීම.

ඔබගේ දිව අස්වාභාවික ලෙස මට සිලූටු වී තිබෙනවා නම් එය බොහෝ විට ග්ලොසිටි නැමති රෝගී තත්වයේ ලක්ෂණයක් වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම මෙය දිවෙහි දැවිල්ල ආදි තත්වයන් නැති වීමේ ප‍්‍රතිඵලයක් ලෙසද ඇති වීමට පුලූවන්. බොහෝ විට මෙය සිදු වන්නේ විටමින් බී සහ යකඩ ඌණතාවය හේතුවෙන් වන නිසා මෙවැනි තත්වයක් පවතී නම් අනිවාර්යෙන් යකඩ සහ විටමින් බී බහුලව ගැනීමට පුරුදු විය යුතු ය.

2. දිවෙහි ඇති වන ගෙඩි, කැලැල් සහ වණ.

මෙහිදී විවිධ රෝග ලක්ෂණ ඇති විය හැකිය.

පණු කැවිලි*

දිවෙහි ඇතුලූ පැත්තෙහි පවතින වේදනාසහගත තුවාලයන් කැන්කර් සෝර් නැමති පණු කැවිලි වර්ගය ලෙස හදුන්වයි. මෙහිදී ආහාර අණුබවය ඉතාම අපහසු සහ වේදනාකාරී විය හැකිය. මැද කහ පාටක් සහිත සහ වටේ රතු පාටින් මෙම තුවාල දිස් වේ. බොහෝ විට ආතති තත්වයන් සහ ජීර්ණ ක‍්‍රියාවලිය නිසි ලෙස සිදු නොවීම මෙයට හේතු වේ.

නෙරා ආ ගෙඩි.

කිසියම් ආසාධනයක් හෝ ආසාත්මිකතාවයක් හේතුවෙන් මෙම කුඩා ගෙඩි ඇති විය හැකිය. නොඉවසුම් සහ නොරිස්සුම් ස්වභාවයක් ඇති කරන මෙම ගෙඩි මගින් ප‍්‍රකාශ වන්නේ ශරීරය කිසියම් අසාධනයකට ගොදුරු වී ඇති බව සහ විවේකය අවශ්‍ය කරන බවය.

3. දිවෙහි වර්ණය වෙනස් වීම.

මෙහිදී විවිධ රෝගයන් සහ ඌණතාවයන් නිසා දිවෙහි ඇති වර්ණය වෙනස් වීම සැලකෙනවා.

දුඹුරු

ඔබගේ සම දුර්වර්ණ වී දුඹුරු පැහැයකට හැරී ඇත්නම් එය මෙලනෝමා නම් සමෙහි පිළිකා තත්වය නිසා ඇති වීමට බොහෝ ඉඩ කඩක් පවතින නිසා ඒ පිළිබදව වඩා පරික්ශාකාරී විය යුතුය.

කලූ

ඔබගේ දිව කලූ පැහැ වී පවතී නම් ඉන් අදහස් වන්නේ දිවෙහි බැක්ටීරියා සහ අපද‍්‍රව්‍යය තැන්පත් වීමයි. බොහෝ විට මෙය සිදු වන්නේ දුම්කොල ආශ‍්‍රිත නිශ්පාදනයන් භාවිතා කරන්නන්ගේ වන අතර මෙහිදී හොදින් දිව මැදීම සිදු කළ යුතු ය.

සුදු

විජලනය හේතුවෙන් මෙය සිදු විය හැකිය.

රතු

මෙය කවසාකි නම් රෝගී තත්වයෙහි හෝ ලෝහිත උණෙහි රෝග ලක්ෂණයක් විය හැකිය.

කහ

දුම්පානය විජලනය සහ උණ හේතුවෙන් මෙම තත්වය ඇති වෙන්නට පුලූවන්. එමෙන්ම අක්මාව ආශ‍්‍රිත රෝගී තත්වයක් නිසා මෙලෙස වීමටද පුලූවන්.

ඉහත කරුණු දෙස බැලීමෙන් දිව යනු සෞඛ්‍යය සදහා වැදගත් සුපරික්ෂාකාරී විය යුතු අවයවයක් වන බව් ඔබට වැටහෙන්නට ඇති. එම නිසා හොදින් අපද‍්‍රව්‍යය ඉවත් කර දිව සෞඛ්‍යාරක්ෂිතව තබා ගැනීම ඉතාම වැදගත් වේ. එමෙන්ම පිරිසිදු දිව මගින් ජීර්ණ ක‍්‍රියාවලිය පහසු කර වෛරස් ආසාධනයන් ද අඩු කිරීමට හේතු වන බව සොයාගෙන තිබේ.

මෙම වටිනා ලිපිය මිතුරන්ටත් බලන්න Share කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *