රූට ඇදුම් නැතිව නිදාගත්තොත්? කවදාවත් නොහිතන මේ දේවල් සිදු වේවි.

නින්ද කියන්නෙ සෞඛ්‍යමත් ජීවිතයකට අත්‍යවශ්‍යම ඔෂධයක්. සුව නින්දක් මගින් දරුණු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරනවා මෙන්ම මානසික සෞඛ්‍යය තත්වය ඉහළ නැංවීමට ද හේතුවක් වෙනවා. සුව නින්දක් නොලැබෙනවා කියන්නෙ ඇතැම් විට ඔබ ඔබේම විනාශය ළගා කරගන්නවා විය හැකියි. අද නොහිමි ලෝකයෙන් කියන්නේ හැබැයි වෙනස්ම දෙයක්. ඔබ රාත‍්‍රියට නිදාගන්නෙ ඇදුම් ඇදගෙන නම් අද කියන්නේ රූට ඇදුම් නැතිව නිදා ගන්න එකෙන් ඔබට ලැබෙන විස්මිත වූ වාසි කිහිපයක් ගැන.

01. සුව පහසු නින්දක් ලබා ගැනීමට හැකියි.
සුව නින්දක් සදහා උෂ්ණත්වය ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.6 ක් පමණ වෙනවා. සුව නින්දක් ලබා ගැනීමට නම් උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 65 ක් පමණ විය යුතුයි. නමුත් ඔබ එදිනෙදා භාවිතා කරන ඇදුම් ඇදගෙන නිදා ගැනීම මගින් උෂ්ණත්වය අඩු වීමක් සිදු නොවන අතර ඇදුම් අතර තාපය රුදීමෙන් උෂ්ණත්වය තව දුරටත් ඉහළ ගොස් නින්දට බාධා ඇති වීමට වැඩ් ඉඩ කඩක් පවතිනවා. එම නිසා ඇදුම් නැතිව රාත‍්‍රියට නිදා ගැනීම මගින් ඉහත තත්වයන් මගහරවා සුව නින්දක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

02. ප‍්‍රබෝධමත්ව අවධි වීමට හැකියි.
රාත‍්‍රියට ඇදුම් පිටින් නිදා ගත් විට ඒ අතර උණුසුම වැඩියි. මේ නිසා දහඩිය දැමීමට හැකියාවක් පවතින අතර එවිට ඒ මත ක‍්‍රියා කරන බැක්ටීරියා ප‍්‍රමාණයද අධිකයි. එමගින් උදෑසන අවධි වීමට සිදු වන්නේ බැක්ටීරියා ගොඩකගේ ක‍්‍රියාකාරීත්වය මගින්. නමුත් ඇදුම් නැතිව නිදා ගත හොත් උදෑසන ප‍්‍රබෝධමත්ව අවධි වීමට පුළුවන්. සරලව කියනවා නම් සැහැල්ලුවෙන් අවධි වෙන්න හොදම දෙයක් රාත‍්‍රියට ඇදුම් නැතිව නිදා ගැනීම.

03. රහස් ප‍්‍රදේශයන්ට හිතකරයි.
ඇදුම් ඇදගෙන නිදා ගත් විට ඒ අතර තාපය වැඩි නිසා බැක්ටීරියා හා දිලීර වල ක‍්‍රියාකාරීත්වය වැඩි වී ආසාධන ඇති විය හැකියි. නමුත් ඇදුම් නැතිව නිදාගත් විට එම ආකාරයට ආසාධනයන් සිදු වෙන්නෙ නෑ. ඊට අමතරව පිරිමිනගේ ශුක‍්‍රාණු ජනන ක‍්‍රියාවලිය වේගවත් කිරීමට ද හේතුවක් වෙනවා.

04. වයසට යාම ප‍්‍රමාද කර තරුණ බව රුක දෙනවා.
ඇදුම් නැතිව නිදා ගැනීම මගින් ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 70 ට වඩා අඩු අගයක පවත්වා ගන්නවා. එමගින් රුධිරයේ මෙලටොනීන් සහ වර්ධක හෝමෝන යාමනය ක‍්‍රමවත් කර වයස පෙනුම ඉවත් කර තරුණ බව රුක දෙනවා. නමුත් ඇදුම් ඇදගෙන නිදා ගත් විට ඒ අතර උණුසුම වැඩියි. එවිය හෝර්මෝනයන් නිකුත් වුවත් නිසි පරිදි ක‍්‍රියාත්මක වන්නේ නෑ. එවිට විඩාවට පත් වී ඉක්මනින් වයසට යාමේ වැඩි ඉඩ කඩක් පවතිනවා.

05. පැහැපත් පෙනුමක් ලබා දෙනවා.
හමේ මැරුණ ෙසෙල ඉවත් වීම සහ නව ෙසෙල නිපදවීම සෑම විටම සිදු වන දෙයක්. නමුත් රාත‍්‍රියට ඇදුම් නැතිව නිදා ගැනීම මගින් මෙම ක‍්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදු වන අතර එමගින් සමේ තෙතමනය රුක ගැනීමටද පුළුවන්. බොහෝ නිළියන් මෙම ක‍්‍රමය අනුගමනය කරන බව ඔවුන් ප‍්‍රකාශ කරන්නේත් මෙම හේතුව නිසා වෙන්න පුළුවන්.

තවත් මෙවැන්ම ලිපි කියවීම සදහා පහතින් ලයික් කරන්න.

සනුකට ඇඩෙන්න පොඩ්ඩෙක් පෙරවදනක් සුපිරියටම කීව හැටි. බල්න්නකො පොඩ්ඩගෙ දක්ෂතාවය.

සනුකට ඇඩෙන්න පොඩ්ඩෙක් පෙරවදනක් සුපිරියටම කීව හැටි. බල්න්නකො පොඩ්ඩගෙ දක්ෂතාවය.

මේ දවස් වල සිරස ජූනියර් සුපර්ස්ටාර් වැඩ සටහනේ කවුරුත් ආදරේ කළ පොඩ්ඩෙක් තමා පින්සර මදුභාෂණ කියන්නෙ. පින්සර පසු ගිය දවසක සනුක වික‍්‍රමසිංහ ගේ පෙරවදනක් ගීතය ගායනා කළ ආකාරය ගැන බොහෝ දෙනෙක් කථා වුණා. ඇත්තෙන්ම බල්ලම අදහස් කියන්නකො. කියන්න වචන නෑ. ඒ තරම් සුපිරි. සනුකට ඇඩෙන්නම මේ පොඩ්ඩා සිංදුව කීව හැටි බලන්නකො. පෙර වදන මෙහෙම නම් පසු වදන කොහොම වෙයිද?

නමුත් මෙය තරගයක්. ඒ නිසා අවසානය කොහොම වෙයිද කියන්න බෑ. හැබැයි දක්ෂතාවය කියන්නෙ නැති වෙන්නෙ නැති දෙයක්. ඒ නිසා මේ පොඩ්ඩගේ අනාගතය නම් ගොඩක් ලස්සන වෙයි.

ඔක්කොම අයිස් දිය වෙලා ගියොත් ලෝකයට වෙන හිතාගන්න බැරි දේ මෙන්න.

දේශගුණික විපර්‍යාසයන් නිසා පෘථිවියේ විවිධ ප‍්‍රදේශ වල වාසින් විවිධ අයුරින් පීඩා විදිනවා. ඒ අතරින් අයිස් දිය වීම අනිවාර්යෙන්ම සැලකිය යුතු හේතුවක්. අන්තර්ජාතික දේශගුණික විපර්‍යාස සංගමය මෙම ශත වර්ශය අවසන් වන විට පෘථිවි ජල මට්ටම මීටරයකින් පමණ ඉහළ යා හැකි බව පෙන්වා දෙනවා. නැෂනල් ජෝග‍්‍රැෆික් ආයතනය මගින් පෙන්වා දෙන අයුරින් පෘථිවිය මත ඇති සියළුම අයිස් දිය වුවහොත් මුහුදු මට්ටම අඩි 216 කින් පමණ ඉහළ යා හැකි අතර ඉන් මහද්වීප වල හැඩය පවා වෙනස් විය හැකියි.

පෘථිවිය මත ඇති සියළුම අයිස් දිය වුවහොත් ලෝකයට කුමක් සිදු වේද යන්න පැහැදිළි කරන වීඩියෝවක් පහතින් බලන්න.

 

කැස්සට බොන සිරප් වලට වඩා 5 ගුණයක් ප‍්‍රබල පානයක් නිවසේ සිටම සාදා ගමු

එදිනෙදා ජීවිතයේදී අත් විදීමට වන ඉතාමත් කරදරකාරී ගැටලූවක් වන කැස්ස සදහා නිවසේදීම සාදා භාවිතා කළ හැකි වටිනා ඖෂධයක් සාදා ගන්නා අයුරු අද එලකිරිවැඩ තුළින් ඉදිරිපත් කරනවා. ඔබ වෙළදපොලෙන් මිලදී ගෙන භාවිතා කරන සිරප් වර්ගයන්ට වඩා 500% කින් අන්නාසි යුෂ ප‍්‍රබල බව ඔබ දැන සිටියාද? එහි අඩංගු බ්‍රෝමෙලනීන් නම් එන්සයිමය නිසා අන්නාසි වලට මෙම ගුණයන් ඇති කරවනවා. එමෙන්ම එය ප‍්‍රති ප‍්‍රදාහක ඖෂධයක් වන අතර බැක්ටීරියා වැනි අහිතකර විශ බීජයන් මුලිනුපුටා දැමීමට ද සමත් වෙනවා.

විටමින් සී
අන්නාසි යුෂ වීදුරුවක් පානය කරනවා නම් දෛනික විටමින් සී ප‍්‍රමාණයෙන් භාගයක් ලබා ගත හැකි බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා. පරිවෘත්තිය ක‍්‍රියා නිසි පරිදි හසුරුවා සිරුර නිරෝගීව පවත්වා ගැනීමට අත්‍යවශ්‍යම ද‍්‍රව්‍යයක් ලෙස විටමින් සී හැදින්විය හැකිය.

හොද මැංගනීස් ප‍්‍රභවයකි.

බ්‍රෝමෙලනීන් වලට සහ විටමින් සී වලට අමතරව අන්නාසි මැංගනීස් වලින් සපිරි පළතුරකි. එමගින් කැල්සියම් අවශෝෂණය, කාබෝහයිඩ්‍රේට් සහ මේදය ශක්තිය බවට පරිවර්තනය කිරීම යන ක‍්‍රියාවලින් ඉටු කරනවා.

ප‍්‍රබල ප‍්‍රති ප‍්‍රදාහකයකි.

අන්නාසි වල අඩංගු බ්‍රෝමෙලනීන් ස්වල්පයක් හෝ ශරීරයට අවශෝෂණය වීම මගින් ආතරයිටීස් මගින් ඇති වන ඉදිමුම සහිත දැවිල්ල සමනය කරනවා. විශේෂයෙන් බ්‍රෝමෙලනීන් යනු ජර්මනිය තුළ අනුමත ඖෂධයක් බවට පත් වී තිබෙනවා.

අන්නාසි යුෂ සෙමට එරෙහිව සටන් කරනවා.

කැස්ස සමනය කරනවා මෙන්ම කරදරකාරී සෙම ආදියට එරෙහිවද අන්නාසි යුෂ ක‍්‍රියා කරනවා. 2010 වසරේදී ක්ෂය රෝගයට ඖෂධයක් සොයා ගැනීමේ අරමුණින් පර්යේෂණයක් සිදු කල අතර එහි ප‍්‍රතිඵල Der Pharma Chemica නම් සගරාවෙන් නිකුත් කෙරුනා. එහි සදහන්ව තිබුණේ අන්නාසි යුෂ, පැනි, ලූණු සහ ගම්මිරිස් එකතු කර දිනපතා පානය කිරීමෙන් පෙනහළු මත එකතු වී ඇති අනවශ්‍යය ශ්ලේස්මලය (ක්ෂය රෝගයට හේතු වන) ඉවත් කරන බවයි.

කැස්ස සදහා අන්නාසි යුෂ භාවිතා කරන අයුරු.

මුලින් සදහන් කළ පරිදි අන්නාසි යුෂ වලට සුපුරුදු සිරප් වලට වඩා 5 ගුණයක සුව කිරීමේ හැකියාවක් තිබෙනවා. අන්නාසි යුෂ වල පහත අයුරින් සාදාගෙන පානය මගින් එහි සුව කිරීමේ හැකියාව තව තවත් ප‍්‍රභල වෙනවා.

අන්නාසි යුෂ වීදුරුවක්.

නැවුම් ලෙමන් යුෂ වීදුරු කාලක්.

අගල් තුනක පමණ ඉගුරු කෑල්ලක්.

මී පැණි මේස හැන්දක්.

ගම්මිරිස් කුඩු තේ හැදි භාගයක්.

මෙම සියල්ල එකතු කර හොදින් මිශ‍්‍ර කරගෙන දිනපතා පානය කරන්න. එමගින් නිසැකවම වෙලදපොලේ ඇති සිරප් වලට වඩා ප‍්‍රබල ඖෂධීය ගුණයක් ඔබට අත් විදීමට හැකියාව ලැබේවි. මෙම වටිනා ලිපිය මිතුරන්ටත් බලන්න share කරන්න.

මොබිටෙල් අයට නොමිලේ ගිගාබයිට් දෙකක් මෙන්න කරන විදිය සරලවම තියෙනවා අනිවා හම්බෙනවා

මොබිටෙල් පාරිභෝගිකයන්ට නොමිලේ ගිගාබයිට් 2 ක දත්ත ලබා ගනිමු.
මෙය මොබිටෙල් පාරිභෝගිකයන්ට පමණක් ලබා ගත හැකි අවස්ථාවක්. පියවරෙන් පියවර මෙය සිදු කරන ආකාරය අද නොහිමි ලෝකය මගින් සලකා බලමු.
01. මෙහිදී නොමිලේ ගිගා බයිට් 2 ක දත්ත හිමි වෙන්නේ නොමිලේ නමුත් මේ සදහා රුපියල්  20 + tax ප‍්‍රමාණයක් වැය වේ.

02. මා මෙය සිදු කළේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් වන අතර අනෙක් මෙහෙයුම් පද්ධති සම්බන්ධව නිසි අවබෝධයක් නොමැත. ඇපල් සහ වින්ඩෝව්ස් පාරිභොගිකයන් ගැන වගකියනු නොලැබේ.

03. පළමුව ඇප් ස්ටෝර් වෙත datamart ගොස් ලෙස සෙවුමක් කර පහත පිංතූරයේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. 

 

04. පසුව ඇප් එක ඕපන් කර ඔබගේ සම්බන්ධතාවය Prepaid / post paid  තෝරන්න.

 

05. ඉන් පසුව Time based plans යන්න  තෝරා එහි රුපියල් 20 පැකේජය තෝරන්න.

06. එවිට ඔබේ සම්බන්ධතාවය ඇක්ටිව් වූ බව පණිවුඩයක් ලැබේවි. ඒ සමගම ඔබට විනාඩි 30 ක් අන්තර්ජාලයේ සැරිසැරීමට කාලයක්ද හිමි වන අතර එය ඒ මොහොතේ සිටම ආරම්භ වේ. 

07. ඒත් සමගම ඔබට නොමිලේ ගිගා බයිට් 2 ක් ලැබුණු බව පවසා කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත.

සැලකිය යුතු කරුණු-
1. මෙය මොබිටෙල් ආයතනයට කඩේ යාමක් නොවන බව සැලකිය යුතුයි. මක් නිසාද යත් පසු ගිය දිනක බිල් පතේ ගැටලුවක් සම්බන්ධයෙන් මා හට විනාඩි 30 ක් පමණ වැය කිරීමෙන් වුවුද මොබිටෙල් ආයතනය හා සම්බන්ධ විය නොහැකි විය. එම නිසා මා ද මොබිටෙල් ආයතනය හා පසුවන්නේ විරසකයකනි.

02. මා පෙර ගෙවුම් සම්බන්ධතාවයක් සදහා ගිගා බයිට් 2 ක් නොමිලේ ලබා ගත් නිසා මෙම ක‍්‍රමය ඉදිරිපත් කරන අතර එසේ මම ලබා ගත්තේ අද එනම් 29 11 2017 දිනයේ වන අතර ඉදිරියේදී මෙය නොමැති වීමට ද ඉඩ ඇති නිසා ඉක්මන් කළ යුතුය.

03.පසු ගෙවුම් සම්බන්ධතා වලින් ද මෙය සිදු කළ හැකි නමුත් එහිදී ඉතා ප‍්‍රවේසම් නොවුණහොත් අසාමාන්‍ය ලෙස බිල වැඩි වීමක් සිදු වීමට ඉඩ කඩ ඇත.

බොහො විචාරකයන් පවසන අන්දමට මෙය වසර 10 කට පමණ පසුව මොබිටෙල් ආයතනය ලබා දුන් වටිනා සේවයක් ලෙස සැලකේ.

මිතුරන්ටත් ගිගා බයිට් දෙකක් නොමිලේ ලබා ගැනීමට Share කරන්න.

මහාචාර්ය ස්නේප් නොහිමි ආදරයට වූ අවසන් පොරොන්දුව

Saverus Snape’s unwritten love story

2001 වර්ෂයේ ආරම්භ වී 2011 වර්ෂයෙන් අවසන් වූ “Harry Potter” චිත්‍රපට මාලාව ඔබ මා සෑමදෙනාගේම හද බැන්ද ගත් කතා මාලාවක්.
මෙම චිත්‍රපට වලට පාදක වන කතාව ගොඩනැගෙන්නේ J.K.Rowling කතුවරිය විසින් රචිත පොත් 7 කින් “Harry Potter” කතා මාලාව ඇසුරිනි.
මෙතෙක් කල් අපි කියවලා තියෙන්නේ, දැකලා තියෙන්නේ මෙම කතා මාලාවේ ප්‍රධානම චරිත 3 පිළිබඳව විතරයි.
අද අපි කතා කරන්න යන්නේ එහි උපප්‍රධාන චරිතයක් වන “මහාචාර් ස්නේප්” ( Professor Snape) පිළිබඳවයි.
කතා මාලවේ මුල සිට අග දක්වාම රැඳෙන මෙම චරිතය වටා ගෙතෙන කතාව ඉතාම සිත් ඇද ගන්නා සුළුයි.

1960 ජනවාරි 09 උපත ලබන Severus Snape, 1971 දී Hogwarts මැජික් පාසලට ඇතුළු වෙයි.
ඔහුගේ පියා සාමාන්‍ය පුද්ගලයකු වන අතර මව මැජික් ශිල්පය උගත් මායකරියෙකි.
මේ නිසා Severus Snape, 6 වන චිත්‍රපටයේදී Half-blood Prince ලෙස හඳුන්වයි.
Severus තමන් කුඩා කල සිටම හඳුනන, කුඩා කල එකම මිතුරිය වූ, පසුව තමන් සමඟම Hogwarts පාසලට ඇතුළු වූ Lily Evans සමඟයි.
කෙටිකාලයකින් ම Snape ගේ හිත Lily සමඟ ආදරයෙන් බැදෙයි.
නමුත් Lily ගේ හිත සොරා ගන්නේ පාසලේ සිටි දක්ෂ, කඩවසම්, ප්‍රසිද්ධ ශිෂ්‍යයකු වූ James Potter විසිනුයි.
තම ආදරය ප්‍රතික්ෂේප වුනත් Severus Snape හිතේ රැදුණු ආදරවන්තියට දුන් පොරොන්දුව රැකගනී.

කඩවසම් නොවුනත් දක්ෂ ශිෂ්‍යයකු වූ Severus පාසල් කාලය තුළදීම විවිධ මන්තර හා ශාප (Spells and Curses) සොයාගනී.
ඉන් එකක් අහම්බෙන් Harry ට 6 වන චිත්‍රපටයෙදී හමුවෙයි. (Sectumsempra spell)
එය Dreco එරෙහිව Harry භාවිතා කරයි.
එසේම Voldemort හැකි අඳුරු වළාවක් සමඟ පියඹා යාමේ හැකියාව කෙල පැමිණි අනෙක් එකම පුද්ගලයා Professor Snape ය.

හැකි සෑම විටම කතුවරිය Snape තුල Lily කෙරෙහි පැවති ආදරය පෙන්වීමට උත්සහ දරා තිබේ.
මුලින්ම පාසලේ දී Professor Snape ට Harry මුනගැසුනු විට ඔහු නගන පලමු ප්‍රශ්නය වන්නේ,
“Potter! What would I get if I added powdered root of asphodel to an infusion of wormwood?”
එනම් wormwood ආසවනයකට , asphodel මුල් වල කුඩු එක්කල විට ලැබෙන්නේ කුමක්ද යන්නයි.

වික්ටෝරියානු මල් භාෂාව ට (Victorian Flower Language) අනුව asphodel යනු Lily මල් වර්ගයක් වන අතර එහි තේරුම,
“මගේ කණගාටුව ඔබේ සොහොන් කොත දක්වාම පවතී” යන්නයි.
wormwood යනු “නොපැමිණීම” යි.
සම්මිශ්‍රණය ගත් විට,
“Lily ගේ මරණය පිළිබඳව මා අතිශයින් කණගාටු වෙමි ”

Azkaban සිරගෙදර ආරක්ෂකයින්ගෙන් (Dementors) බේරීම සඳහා භාවිත වන Patronus මන්තරය තුල එක් එක් මායාකරුවාට ආවේණික සතෙක් සිටී.
Snape තුල Lily කෙරෙහි පැවති අසීමිත ආදරය නිසා ඔහුගේ සත්වයාද Lily සතුව පැවති කුඩා මුවෙකු බවට පත්වෙයි.
7 වන චිත්‍රපටයේදී Harry ට Gryffindor කඩුව සොයාගැනීමට උදව් වන්නේ ඔහුයි.

තම නොහිමි ආදරය වෙනුවෙන් තම ජීවිත කාලයම කැප කරන Snape තම අවසන් වදන ලෙස පවසන “Always” යන්නෙහි වැදගත් තෙරුමක් පවතී.
Lily මෙන්ම Snape මෙම එකම, අවසන් වචනය Harry ට පවසයි.
කතුවරිය පවසන ආකාරයට එහි තේරුම,
“I promised you that I never would, and I never have”
එනම් තම පොරොන්දුව නොවෙනස්ව රකින බවයි.
වයස අවුරුදු 9 දී තමන්ට හමු වූ ඒ සොඳුරු යුවතියට දුන් පොරොන්දුව මොහු වසර 31 පුරාවට රකි.

සමස්ථ කතාව තුලම Professor Snape විසින් ද්විත්ව නියෝජිත චරිතයක් දක්වයි.
මොහු Voldemort සමඟ එක්වී සිටියත් රහසේ Professor Dumbledore සමඟ එක් අඳුරට එරෙහිව සටන් වදී.
Snape ගේ මරණය තෙක්ම ඔහු කෙරෙහි නිවැරදි වැටහීමකින් තොරව සිටින Harry, පසුව සියල්ල වටහා ගනී.
තම පුතාට Severus යන නම පවා යොදා ගනී.

අවසානයේ සියලුදෙනා සත්‍ය වටහා ගන්නා අතර,
Severus Snape තම නොහිමි ආදරයට වූ පොරොන්දුව අවසන් හුස්ම තෙක්ම රැකගනී.

දැයෙන් සමුගත් සොදුරු කලාකරු රුවන් වීරසේකරයන්ගේ මතකයෙන් බිදක්

ප‍්‍රවීණ වයලීන් වාදක රුවන් වීරසේකරයන අද දින දැයෙන් සමු ගත්තේ ය. මිය යන විට 52 වන වියේ පසු වූ ඔහු ශ‍්‍රී ලාංකීය සංගීත ක්ෂේත‍්‍රයේ නොමැකෙන සටහනක් තැබූ අමරණීය චරිතයකි. වසර දෙකක පමණ කාලයක් රුධිර ගත සීනි මට්ටම අඩු වීම නිසා කෝමා තත්වයකින් සිටි ඔහු සංගීත ක්ෂේත‍්‍රයේ මහා හිදැසක් ඇති කළේය.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කුඩා කළ සිටම සංගීතයට දක්ෂතා පෙන්වීය. එම නිසාවෙන්ම වයස අවුරුදු 18 දී පමණ විෂාරද උපාධියක් ලබා ගැනීමට ද ඔහුට හැකි විය. වයලීන වාදනය පිළිඹදව උසස් අධ්‍යාපනය ලැබ රුසියාවේ බොල්ෂෝ ඔපෙරා ශාලාවේ වාද්‍ය සංදර්ශන සිය ගණනක් පවත්වන්නයටද ඔහු වාසනාවන්ත විය.
හොද මිනිසුන් කලින් නික්ම යන්නේය යන්න නැවත වතාවක් සනාථ කරමින් මේ අපූර් සංගීතඥයා ද නික්ම ගියේය. කේමදාසයන්ගේ තනු වලට, අමරදේවයන්ගේ කට හඩට, රුවන් වික‍්‍රමසිංහයන්ගේ වාදනයද එක් වූ කල් හී දිව්‍ය ලෝකය තවත් ලස්සන වන්නේ ය. රුවන් වීරසිංහයාණෙනි. ඔබට සුබ ගමන්.
රුවන් වීරසිංහයන්ගේ මතකයෙන් බිදක් පහතින්.

කොච්චර ජිමි ගියත් ඇග හැදෙන්නේ නැද්ද? මේ දේ කරලා බලන්න

ජිම් යන අපි හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි කොච්චර ජිම් ගියත් ඇඟ හැදෙන්නේ නැති එක. ගොඩක් දෙනෙක් හිතන්නෙ සම්පූර්ණ වැරැද්ද තියෙන්නෙ අපි ගන්න කැමේ කියලා. නෑ, ලොකුම වැරැද්ද තියෙන්නේ කරන අපි සිදු කරන ව්‍යායාම සැලැස්මේ. නිවැරදි ජිම් කාලසටහනක් Shedule සැකසෙන්නේ ප්‍රාථමික හා ද්වීතික මාංශපේශි පිළිබඳව හොඳින්ම සැලකිලිමත් වීමෙන්.
සෑම ව්‍යයාමයක්ම සිදුවන්නේ ද්වීතික මාංශපේශියක ද ආධාරයෙන්.
මේනිසා වඩාත් පලදායී වන්නේ පෙර ව්‍යායාමයට ලක් කළ මාංශපේශියේ ද්වීතික පේශියට ඊළඟ ව්‍යායමය සිදු කිරීමයි.

ඒ අනුව ඔබේ ජිම් කාලසටහන කුමන මටටක එකක් වුනත් පහත පිළිවෙළට පවතීද යන්න පිළිබඳව අවධානය යොමුකරන්න.
Leg exercises (පාද සඳහා)
chest exercises (පපුවේ පේශීන් සඳහා)
shoulder exercises (උරහිස් සඳහා)
Back muscles exercises (පිටේ පේශීන් සඳහා)
Arms exercises (Triceps and Biceps) (අත්වල පේශීන් සඳහා)

ඊළඟට අවධානය යොමුකල යුතුයි ව්‍යායාම සිදු කරන ආකාරය හා ව්‍යායාම අතරතුර ඔබ සිදු කරන දෑ පිළිබඳව.
ව්‍යායාම කට්ටල 2ක් අතරතුර උපරිමය තප්පර 40ක් වන විවේකයක් හොඳටම ප්‍රමාණවත්‍.
හේතුව වන්නේ ව්‍යායාමයේ අවසන් පරමාර්ථය වන්නේ පේශිය ශක්තිමත් වීම හා වර්ධනයයිල කෙටි විවේකය නිසා පේශිය වඩවඩාත් පීඩාවට ලක්වන අතර එය පේශියේ වර්ධනයට ඉතාමත් වැදගත් වේ.
එවගේම් ඉතාමත් වැදගත් ව්‍යායාම අතරතුර ගන්නා ජලය ප්‍රමාණය.
සෑම ව්‍යායාම කට්ටලයක් අතරතුරම ජලය ලබාගැනීම ගැටලුවක් නොවන නමුත් එය 1 උගුරකට සීමා කලයුතුයි.

දේවල් වගේම ගොඩක්ම වැදගත් ආහාර සැලැස්ම.

පිෂ්ඨය වැඩි ආහාර හැකි තරම් අඩු කළ යුත්යි.
ප්‍රෝටීන සහිත ආහාර වැඩි කළ ගත යුතුයි. ලංකාවේ අපිට ලේසියෙන්ම ලබාගත හැකි ප්‍රෝටීන ආහාරය බිත්තරයි. අමතර ආහාර වේල් ලබාගත්තත් ක්ෂණික ආහාර ගැනීමෙන් වැළැකී සිටිය යුතුයි. උදෑසන ආහාරයට පිෂ්ඨය වැඩි ආහාරයක් ලබාගැනීම ගැටලුවක් නොවේ. නමුත් දිවා හා රාත්‍රි ආහාර වල පිෂ්ඨය අඩු කර හැකි තරම් ප්‍රෝටීන වැඩි කර ගත යුතුයි.
එමෙන්ම එළවළු එක් කළ ගත යුතුයි.

ඉහත අකාරයට හොඳ සැලැස්මකින් යුතුව මාස 4ක් පමණ ව්‍යායාම වල යෙදීමෙන් සිරුරේ පැහැදිලි වෙනසක් ඔබටත් ලබාගත හැකි.

මිතුරන්ටත් බලන්න Share කරන්න.

නූතන ගෙවල් දොරවල් කඩා වැටෙද්දී රෝමය කඩා නොැවැටෙන්නේ මේ නිසා

නූතනයේ මිනිසා තනන ගොඩනැගිලි වසර සියගණනකින් ගරා වැටෙද්දී අතීත රෝම අධිරාජ්‍යයට අයත් කොලෝසියම වැනි ගොඩනැගිලි වසර දහස් ගණනක් පැරණිවුවද අදටත් නොනැසී පවතින්නේ ඇයිදැයි සොයාබලා ඇති ඇමරිකා පර්යේෂක පිරිසක් රහස ඇත්තේ රෝම ජාතිකයින් භාවිතා කළ සිමෙන්ති බදාමයේ බව අනාවරණය කරගෙන තිබේ.
රෝම ජාතිකයින් බදාම තනන්න්ට යොදාගෙන තිබෙන්නේ ගිනි කදු පිපිරීම් වලින් ඉතිරිවන අළු, ජලය හා හුණු මිශ‍්‍රණයකි.

මේ අළු වල පුළිගු වැනි දේ ඇති බවත් ඒවා බදාමය සවිවූ පසු අමතර ශක්තියක් සපයනවා සේම පැලූම් ආදිය පැතිරයාමද වළක්වන බවත් සොයාගැනීමට හැකිවූ බව පර්යේෂක පිරිස කියති.

රෝමානුවන්ගේ බදාම තැනීමේ කලාව වර්තමානයේ අප යොදාගන්නා තාක්ෂණයට වඩා පරිසර හිතකාමී බවද සඳහන්ය.

මේ තොරතුරු යොදාගෙන දැන් පර්යේෂක පිරිස සැරසෙන්නේ රෝම යුගයේ බදාම මෙකල නිර්මානය කිරීමටය.සාර්ථක වුවහොත් කාලාන්තරයක් පවතින ගොඩනැගිලි ඉදිකිරීමට හැකිවනවා සේම පරිසරයද ආරක්ෂා කරගත හැකිවනු ඇති බව ඔවුහු කියති.

මුලින්ම බිත්තරයද කිකිලිද? උත්තරය මෙන්න

ඔබ මෙතෙක් කල් අපහසුතාවයට පත් වූ තැනක් ලෙස කිකිලිද බිත්තරේද යන ගැටලූව හැදින්වීමට පුලූවන්. එයින් විමසන්නේ මුලින්ම ඇති වූයේ කිකිලිද? බිත්තරේද යන්නයි. මේ පිළිබදව දිගින් දිගටම සිතන්නට ගියහොත් විසදුමක් ලබා ගැනීමට හැකි නොවෙනවා නියතයි. නමුත් මේ වන විට විශ්වාස කළ හැකි පිළිතුරක් ලබා දීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

බ‍්‍රිතාන්‍ය විද්‍යාඥයන් පවසන්නේ මෙම තේරවිල්ලෙහි උත්තරය කිකිළි බවයි. එනම් බිත්තරයට කලින් කිකිළි ඇති විය යුතු ඔවුන් පෙන්වා දෙනවා. Sheffield විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය Colin Freeman, Warwick විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සමග එකතු වී මේ සදහා විද්‍යාත්මක සාක්ෂි අණාවරණය කළා.

ඔවුන් පවසන්නේ ප්‍රෝටින ආධාරයෙන් කිකිළිගේ ශරීරය තුළ බිත්තර නිපදවීම සිදු විය යුතු බවයි. එහි අදහස එම ආකාරයෙන් ස්වභාවිකව බිත්තරයක් ඇති විය නොහැකි වීමයි. ශරීරය තුළ බිත්තර කවචය සහ අන්තර්ගතය ඇති වන ආකාරය  HECToR සුපිරි පරිගණකය භාවිතයෙන් විද්‍යාඥයන් ඉතා සමීපව නිරීක්ෂණය කර තිබෙනවා. එමගින් ලැබෙන දත්තයන් හා වාර්තාවන් ද ඉහත නිගමනය ඔප්පු කරනවා.

මේ අනුව බිත්තරයද කිකිළිද ගැටලුව මින් පසුව තව දුරටත් ගැටලුවක් නොවනු ඇත.