මායාවක්ද විශ්මයක්ද , විනිසුරුවන්ට උන් හිටි තැන් අමතක කළ ලංකාවේ අපේ මැජික් කාරයා

විනිසුරුවන්ට උන් හිටි තැන් අමතක කළ මැජික් කාරයා

මේ දිනවල ජනප‍්‍රියම රූපවාහිනී වැඩසටහනක් තමා යූත් විත් ටැලන්ට් කියන්නෙ. මේ වැඩ සටහනෙන් ලංකාවේ විවිධ දක්ෂයෝ හොයලා දෙනවා. මේ එහෙම හොයාගත්ත දක්ෂයෙක්. ඒ කියන්නෙ ලංකාවේ අපේ දක්ෂයෙන්. මෙහෙම දක්ෂතා තියෙන අයව වෙන රටවල දැකලා තිබ්බට ලංකාවේ අපි දැකලා නෑනෙ. මෙන්න එහෙනම් විනිසුරු මඩුල්ලට උන් හිටි තැන් අමතක කළ මැජික් කාරයා. අපේ පේජ් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.

 

 

https://www.youtube.com/watch?v=JyUJlyiYh-k&t=340s

සීගිරිය යළිත් ප‍්‍රතිනිර්මාණය වේ. බලන්නකො තියෙන ලස්සන හිතා ගන්න පුළුවන්ද ඉස්සර තිබුණ විදිය

සීගිරිය කියන්නෙ ශ‍්‍රී ලාංකීය අතීත උරුමය ලොවමට කියා පාන අපූරු උදාහරණයක්. ඉස්සර සීගිරිය කොහොමද තියෙන්න ඇත්තෙ? හිතාගන්න පුළුවන්ද? අද නොහිමි ලෝකයෙන් කියන්නෙ ඉස්සර සීගිරිය කොහොමද තියෙන්න ඇත්තෙ කියන එක. මේක අපූරු නිර්මාණයක්. සීගිරිය රජ දවස තිබූණා යැයි අපේක්ෂිත විදියටම මේ නිර්මාණය කරලා තියෙනවා. පහත වීඩියෝ එකෙන් මේක බලන්න. අපේ පේජ් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.

 

 

https://www.youtube.com/watch?v=iN1mM7GEbnw

සුපිරි තරු හිට් කරන්න රියලිටි වැඩ සටහන් වලදී කරන කපටි වැඩ මෙන්න

රියලිටි වැඩසටහන් වල ඇත්තටම වෙන දේ…
මේ දිනවල රියලිටි වැඩසටහන් අතිශය ජනප‍්‍රියයි. ඒත් රියලිටි වැඩ සටහන් ඇත්තක්ද? රියලිටි වැඩසටහන් වල අරමුණ පේ‍්‍රක්ෂකයා සහ විනිෂ්චය මණ්ඩලය යන දෙගොල්ලටම අවශ්‍ය දේ කිරීම. නමුත් එහෙම වෙනවාද?
මෙන්න මේ වීඩියෝ එක බලලා ඔබම කියන්නකො ඔබේ අදහස.. රියලිටි වැඩසටහනකදී හොර වැඩක් කරද්දී අතටම අහු වුණ අවස්ථාවක් තමා මේ.පොදුවේ මෙය සමස්ථ රියලිටි වැඩ සටහන් සම්බන්ධ සටහනක් මිස එක් නාලිකාවක් ඉලක්ක කර කරන ලද සටහනක් නොවන බව  ද කරුණාවෙන්  සලකන්න.

 

 

https://www.youtube.com/watch?v=N4P1ONkKwkQ

ලෝකයම ආදරය කරන ටයිටනික් සිංදුව මේ පුංචි කටකාර දැරිය කොච්චර ලස්සනට කියනවද කියල බලන්නකො

ලංකාවේ මේ දිනවල ඉතාම ජනප‍්‍රියයි පොඩ්ඩොන්ගෙ වැඩ සටහන්. විශේෂයෙන් සිරස ජූනියර් සුපර්සටාර්. ඒත් අද කියන්න යන්නෙ නම් ලංකාවෙ එකක් නෙවේ. ඒත් මේකෙදි වෙන්නෙ කටකාර හුරතල් පුංචි දැරියක් ගොට් ටැලන්ට් වැඩසටහනකදී ලෝකයම ආදරය කරන ටයිටනික් සිංදුව කීව ආකාරය. මේ පුංචි දැරිය මේක කොච්චර ලස්සනට කීවද කියනවා නම් මුළු පේ‍්‍රක්ෂකාගාරයේම ආදරය හිමි වෙනවා. ඒ වගේම විනිසුරු මඩුල්ලට අදහගන්න බෑ මුල් ගායනයයි මේ පොඩි දැරියගෙ ගායනයෙයි වෙනසක්. බලලම කියන්නකො මේ පුංචි දැරිය කොච්චර නම් දක්ෂද කියලා. විනාඩි 3 වීඩියෝව පහළින්. ඒ වගේම අපේ පේජ් එකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා.

 

https://www.youtube.com/watch?v=m0J-BwkQK4A

සනුකට ඇඩෙන්න පොඩ්ඩෙක් පෙරවදනක් සුපිරියටම කීව හැටි. බල්න්නකො පොඩ්ඩගෙ දක්ෂතාවය.

සනුකට ඇඩෙන්න පොඩ්ඩෙක් පෙරවදනක් සුපිරියටම කීව හැටි. බල්න්නකො පොඩ්ඩගෙ දක්ෂතාවය.

මේ දවස් වල සිරස ජූනියර් සුපර්ස්ටාර් වැඩ සටහනේ කවුරුත් ආදරේ කළ පොඩ්ඩෙක් තමා පින්සර මදුභාෂණ කියන්නෙ. පින්සර පසු ගිය දවසක සනුක වික‍්‍රමසිංහ ගේ පෙරවදනක් ගීතය ගායනා කළ ආකාරය ගැන බොහෝ දෙනෙක් කථා වුණා. ඇත්තෙන්ම බල්ලම අදහස් කියන්නකො. කියන්න වචන නෑ. ඒ තරම් සුපිරි. සනුකට ඇඩෙන්නම මේ පොඩ්ඩා සිංදුව කීව හැටි බලන්නකො. පෙර වදන මෙහෙම නම් පසු වදන කොහොම වෙයිද?

නමුත් මෙය තරගයක්. ඒ නිසා අවසානය කොහොම වෙයිද කියන්න බෑ. හැබැයි දක්ෂතාවය කියන්නෙ නැති වෙන්නෙ නැති දෙයක්. ඒ නිසා මේ පොඩ්ඩගේ අනාගතය නම් ගොඩක් ලස්සන වෙයි.

https://www.youtube.com/watch?v=t97y07DRx2Q&t=32s

මහාචාර්ය ස්නේප් නොහිමි ආදරයට වූ අවසන් පොරොන්දුව

Saverus Snape’s unwritten love story

2001 වර්ෂයේ ආරම්භ වී 2011 වර්ෂයෙන් අවසන් වූ “Harry Potter” චිත්‍රපට මාලාව ඔබ මා සෑමදෙනාගේම හද බැන්ද ගත් කතා මාලාවක්.
මෙම චිත්‍රපට වලට පාදක වන කතාව ගොඩනැගෙන්නේ J.K.Rowling කතුවරිය විසින් රචිත පොත් 7 කින් “Harry Potter” කතා මාලාව ඇසුරිනි.
මෙතෙක් කල් අපි කියවලා තියෙන්නේ, දැකලා තියෙන්නේ මෙම කතා මාලාවේ ප්‍රධානම චරිත 3 පිළිබඳව විතරයි.
අද අපි කතා කරන්න යන්නේ එහි උපප්‍රධාන චරිතයක් වන “මහාචාර් ස්නේප්” ( Professor Snape) පිළිබඳවයි.
කතා මාලවේ මුල සිට අග දක්වාම රැඳෙන මෙම චරිතය වටා ගෙතෙන කතාව ඉතාම සිත් ඇද ගන්නා සුළුයි.

1960 ජනවාරි 09 උපත ලබන Severus Snape, 1971 දී Hogwarts මැජික් පාසලට ඇතුළු වෙයි.
ඔහුගේ පියා සාමාන්‍ය පුද්ගලයකු වන අතර මව මැජික් ශිල්පය උගත් මායකරියෙකි.
මේ නිසා Severus Snape, 6 වන චිත්‍රපටයේදී Half-blood Prince ලෙස හඳුන්වයි.
Severus තමන් කුඩා කල සිටම හඳුනන, කුඩා කල එකම මිතුරිය වූ, පසුව තමන් සමඟම Hogwarts පාසලට ඇතුළු වූ Lily Evans සමඟයි.
කෙටිකාලයකින් ම Snape ගේ හිත Lily සමඟ ආදරයෙන් බැදෙයි.
නමුත් Lily ගේ හිත සොරා ගන්නේ පාසලේ සිටි දක්ෂ, කඩවසම්, ප්‍රසිද්ධ ශිෂ්‍යයකු වූ James Potter විසිනුයි.
තම ආදරය ප්‍රතික්ෂේප වුනත් Severus Snape හිතේ රැදුණු ආදරවන්තියට දුන් පොරොන්දුව රැකගනී.

කඩවසම් නොවුනත් දක්ෂ ශිෂ්‍යයකු වූ Severus පාසල් කාලය තුළදීම විවිධ මන්තර හා ශාප (Spells and Curses) සොයාගනී.
ඉන් එකක් අහම්බෙන් Harry ට 6 වන චිත්‍රපටයෙදී හමුවෙයි. (Sectumsempra spell)
එය Dreco එරෙහිව Harry භාවිතා කරයි.
එසේම Voldemort හැකි අඳුරු වළාවක් සමඟ පියඹා යාමේ හැකියාව කෙල පැමිණි අනෙක් එකම පුද්ගලයා Professor Snape ය.

හැකි සෑම විටම කතුවරිය Snape තුල Lily කෙරෙහි පැවති ආදරය පෙන්වීමට උත්සහ දරා තිබේ.
මුලින්ම පාසලේ දී Professor Snape ට Harry මුනගැසුනු විට ඔහු නගන පලමු ප්‍රශ්නය වන්නේ,
“Potter! What would I get if I added powdered root of asphodel to an infusion of wormwood?”
එනම් wormwood ආසවනයකට , asphodel මුල් වල කුඩු එක්කල විට ලැබෙන්නේ කුමක්ද යන්නයි.

වික්ටෝරියානු මල් භාෂාව ට (Victorian Flower Language) අනුව asphodel යනු Lily මල් වර්ගයක් වන අතර එහි තේරුම,
“මගේ කණගාටුව ඔබේ සොහොන් කොත දක්වාම පවතී” යන්නයි.
wormwood යනු “නොපැමිණීම” යි.
සම්මිශ්‍රණය ගත් විට,
“Lily ගේ මරණය පිළිබඳව මා අතිශයින් කණගාටු වෙමි ”

Azkaban සිරගෙදර ආරක්ෂකයින්ගෙන් (Dementors) බේරීම සඳහා භාවිත වන Patronus මන්තරය තුල එක් එක් මායාකරුවාට ආවේණික සතෙක් සිටී.
Snape තුල Lily කෙරෙහි පැවති අසීමිත ආදරය නිසා ඔහුගේ සත්වයාද Lily සතුව පැවති කුඩා මුවෙකු බවට පත්වෙයි.
7 වන චිත්‍රපටයේදී Harry ට Gryffindor කඩුව සොයාගැනීමට උදව් වන්නේ ඔහුයි.

තම නොහිමි ආදරය වෙනුවෙන් තම ජීවිත කාලයම කැප කරන Snape තම අවසන් වදන ලෙස පවසන “Always” යන්නෙහි වැදගත් තෙරුමක් පවතී.
Lily මෙන්ම Snape මෙම එකම, අවසන් වචනය Harry ට පවසයි.
කතුවරිය පවසන ආකාරයට එහි තේරුම,
“I promised you that I never would, and I never have”
එනම් තම පොරොන්දුව නොවෙනස්ව රකින බවයි.
වයස අවුරුදු 9 දී තමන්ට හමු වූ ඒ සොඳුරු යුවතියට දුන් පොරොන්දුව මොහු වසර 31 පුරාවට රකි.

සමස්ථ කතාව තුලම Professor Snape විසින් ද්විත්ව නියෝජිත චරිතයක් දක්වයි.
මොහු Voldemort සමඟ එක්වී සිටියත් රහසේ Professor Dumbledore සමඟ එක් අඳුරට එරෙහිව සටන් වදී.
Snape ගේ මරණය තෙක්ම ඔහු කෙරෙහි නිවැරදි වැටහීමකින් තොරව සිටින Harry, පසුව සියල්ල වටහා ගනී.
තම පුතාට Severus යන නම පවා යොදා ගනී.

අවසානයේ සියලුදෙනා සත්‍ය වටහා ගන්නා අතර,
Severus Snape තම නොහිමි ආදරයට වූ පොරොන්දුව අවසන් හුස්ම තෙක්ම රැකගනී.

දැයෙන් සමුගත් සොදුරු කලාකරු රුවන් වීරසේකරයන්ගේ මතකයෙන් බිදක්

ප‍්‍රවීණ වයලීන් වාදක රුවන් වීරසේකරයන අද දින දැයෙන් සමු ගත්තේ ය. මිය යන විට 52 වන වියේ පසු වූ ඔහු ශ‍්‍රී ලාංකීය සංගීත ක්ෂේත‍්‍රයේ නොමැකෙන සටහනක් තැබූ අමරණීය චරිතයකි. වසර දෙකක පමණ කාලයක් රුධිර ගත සීනි මට්ටම අඩු වීම නිසා කෝමා තත්වයකින් සිටි ඔහු සංගීත ක්ෂේත‍්‍රයේ මහා හිදැසක් ඇති කළේය.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කුඩා කළ සිටම සංගීතයට දක්ෂතා පෙන්වීය. එම නිසාවෙන්ම වයස අවුරුදු 18 දී පමණ විෂාරද උපාධියක් ලබා ගැනීමට ද ඔහුට හැකි විය. වයලීන වාදනය පිළිඹදව උසස් අධ්‍යාපනය ලැබ රුසියාවේ බොල්ෂෝ ඔපෙරා ශාලාවේ වාද්‍ය සංදර්ශන සිය ගණනක් පවත්වන්නයටද ඔහු වාසනාවන්ත විය.
හොද මිනිසුන් කලින් නික්ම යන්නේය යන්න නැවත වතාවක් සනාථ කරමින් මේ අපූර් සංගීතඥයා ද නික්ම ගියේය. කේමදාසයන්ගේ තනු වලට, අමරදේවයන්ගේ කට හඩට, රුවන් වික‍්‍රමසිංහයන්ගේ වාදනයද එක් වූ කල් හී දිව්‍ය ලෝකය තවත් ලස්සන වන්නේ ය. රුවන් වීරසිංහයාණෙනි. ඔබට සුබ ගමන්.
රුවන් වීරසිංහයන්ගේ මතකයෙන් බිදක් පහතින්.

https://www.youtube.com/watch?v=8saxfDa-JSs

හැමෝටම වදින හන්තානට පායන සද සිංදුවේ දුක හිතෙන තෙරුම මෙන්න

පෞද්ගලික උපකාරක පංතියක සුපුරුදු ප්‍රේමණීය සිදුවීමක් සිදු විය. පෙම්වතුන් යුවලක් එකට හිඳ බත් මුලක් ලිහා ගෙන කන අයුරු පංතියේ ගුරුවරයා දකියි. නිතරම මොවුන්ගේ පෙම දකින ගුරුවරයාටද දෙදෙනාව හොඳින් මතකය. කාලය කෙමෙන් ගත විය. විභාගයද අවසන් වී වසර කිහිපයක් ගත විය. දිනක් හදිසියේම තරුණයෙකු මෙම ගුරුවරයා හමු වීමට පැමිණෙයි. මේ වන විට ගුරුවරයාට මොහුව තරමක් අමතක වී තිබුණි. හඬ අවදි කළ තරුණයා තම ගුරුවරයාට අතීතය මතක් කරන්නට විය. නමුත් තරුණයා තනිව පැමිණ ඇති බැවින් ගුරුවරයාට තරමක ගැටළුවක් පැන නගියි. ඔහු තරුණිය පිළිබඳ විමසයි. ටික මොහොතක් නිහඬව සිටි තරුණයා තම දුක්බර කතාව ගුරුවරයාට පවසයි.

“සර්, එයා විභාගෙ හොඳට පාස් වෙලා කැම්පස් ගියා. ඒත් මම…”

ඔහුගේ මුහුණේ ගැබ් වී තිබුණු කතාව ගුරුවරයාට අවබෝධ වෙයි.

“ඔහොම තමයි ජීවිතේ. එක් වීම්. වෙන් වීම්. ජය. පරාජය. පුතා දැන් මොකද කරන්නේ?” යනුවෙන් ගුරුවරයා ඔහු සනසයි.

“මම සර් ප්‍රයිවට් කම්පැණි එකක වැඩ.” යනුවෙන් ඔහු පිළිතුරු දෙයි.
පසු කලෙක මෙම සිදුවීම ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත් වයි. ඒ ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් විසින් ගයනු ලබන හන්තානට පායන සඳ ගීතයයි.

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

තම පෙම්වතිය සරසවි වරම් ලැබුවද තමා විභාගය අසමත් බැවින් ඇය තමන්ගෙන් ඈත් වීමට වෙර දරයි. කාරණාව වටහා ගත් ඔහු තම ආදරිය වෙත ලිපියක් ලියයි. ඇය වෙසෙන පේරාදෙණිය සරසවියේ ලස්සන ගැන විමසන ඔහු ඇයට ලැබුණු වරම පිළිබඳ ඇයට සුභ පතයි. අතීතයේ තමා සමඟ පෙමින් වෙලී තුරුළු වී පාරේ ගිය හැටි මතක් කරයි.

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න
නමුත් ඔහු සත්‍ය තත්ත්වය දනියි. ඇය තමාගෙන් ඈත් වී ඇති බව තේරෙයි. එහිදී ඔබට සුදුසු පෙම්වතෙක් ඔබ වෙත එයි. එසේ එන කල මා අමතක කර ඔහු සමඟ සදාකාලික පෙමින් සිටන සේ කියා සිටියි.

මල්ෂිගේ සුපිරිම ගායනයෙන් පිස්සු වැටී හේෂාන් පුටුවට නැග කරපු දේ

ඉෂිණි වගේම මල්ෂි කියන්නෙත් සිරස ජුනියර් සුපර්සටාර් නිසා රටම හදුනාගත්ත කෙනෙක්. ඇය මේ දිනවල වෙිදිකාවේ හැසිරෙන්නේ ඉතාම පරිණත ගායිකාවක් විදියට. විනිසුරුවන් පවා ඇගේ ගායනය නිසා අන්දමන්ද වෙනවා. අන්තිමට තිබුණු වැඩ සටහනේදී ඇය ගායනා කළේ හිංදි ගීතයක්. හැබැයි විශේෂත්වයක් තිබෙනවා. මල්ෂි කොච්චර ලස්සනට සිංදුව කියනවාද කියනව නම් හේෂාන්ට මෙක බලාගෙන ඉන්නම බැරි වෙනවා. ඊට පස්සේ මොකද වුණේ? මල්ෂි ඉස්සරයට යයි නේද? මේ වීඩියෝ එකෙන්ම බලන්නකො හේෂාන් මල්ෂිගේ ගායනයෙන් පිස්සු වැටී කරපු දේ. ඒ වගේම නොහිමි ලෝකය අපිව Subscribe කරන්නත් අමතක කරන්න එපා.

 

https://www.youtube.com/watch?v=6uzhUhclmmk

ඉෂිණිට මොකද වුණේ? සංවේදී අය බලන්න එපා

ඉෂිණි තමෝද්‍යා කියන්නේ මේ දිනවල සිරස ජූනියර් සුපර්සටාර් තුළ අතිශය ජනප‍්‍රිය චරිතයක්. අමරදේවයන්ගේ වක්කඩ ළග ගීතය වගේම තවත් ගීත කිහිපයකින්ම හැඩ වුණ ඇයගේ ගමන් මගේදී ඇය ඇතැම් විට විවිධ අභියෝග වලට පවා මුහුණ දුන්නා. අද නොහිමි ලෝකයෙන් ඉදිරිපත් කරන්නේ මේ සුන්දර පුංචි සිතැත්තීගේ අලංකාර සුගායනයක්. ඒත් මේකෙදි විනිෂ්චය මණ්ඩලය හැරෙන්නේ නෑ. ඒ ඇයි? මොකක්ද හේතුව? ඉෂිණිට ගැටලුවක්ද? ප‍්‍රශ්න සියල්ලටම උත්තර මේකෙ තිබෙනවා. වීඩියෝ එක බලලම ප‍්‍රශ්න වලට උත්තර හොයාගන්න. ඒ වගේම නොහිමි ලෝකය අපිව කරන්නත් අමතක කරන්න එපා.

 

https://www.youtube.com/watch?v=GeGKb56_y_8