වාර්තා රුසක් සමගින් සිංහ පැටව් ඉදිරියේ ඉන්දියාව දණ ගසයි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉංදියා කණ්ඩායම අතර පළමුවැනි එක්දින තරගය අද ඉංදියාවේ ධර්මශාලා හී දි පැවුත්වුණ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන් පෙරලිකාර ජයක් ලැබුවා. තරගයේ කාසිය වාසිය දිනූ ශ‍්‍රී ලංකා නව නායක තිසර පෙරේරා මුළින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ඉංදියාවට ලබා දුන්නා. මුල සිටම ඉංදියානු ක‍්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සුරංග ලක්මාල් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා. මුල් කඩුලු 7 ලකුණු 30 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවී ගියත් ඉංදීය සුපිරි පිතිකරු මහේන්ද‍්‍ර සිං දෝනි සිය සුපුරුදු ප‍්‍රහාරය තනිව දියත් කරමින් ඉංදීය ලකුණු පුවරුව ලකුණු 112 තෙක් ඉහළ දැමුවා.

 

මහේන්ද‍්‍ර සීං දෝනි ලකුණු 65 ක් ලබා ගත් අතර කුල්දීප් යාදව් ලකුණු 19 ක් ද හර්දික් පාන්ඩ්‍යා ලකුණු 10 ක් ද ලබා ගත් අතර සෙසු කිසිම ක‍්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ඇරඹූ ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වැඩි වෙලාවක් කඩුල්ලේ රුදී සිටීමට ජස්ප‍්‍රික් බුම්රා ඉඩ ලබා දුන්නේ නෑ. තීක්ෂණ පිතිහරඔයක නියත වෙමින් උපුල් තරංග ලකුණු 49 ක් ලබා ගත් අතර අවාසනාවන්ත ලෙස දැවී ගියද ඒ වන විටත් ඔහු ජයග‍්‍රහණයේ අඩිතාලම මැනවින් ගොඩනගා තිබුණා. ලහිරු තිරිමාන්න අද දිනයේ ඉංදීය පන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථක වූ අතර හිටපු නායක ඇන්ජෙලෝ මැතිවුස් සහ යොවුන් ක‍්‍රීඩක නිරෝෂාන් දික්වැල්ල මැනවින් සංවර ඉනිමක් ක‍්‍රීඩා කරමින් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය වෙත රුගෙන ගියා.

කෙසේ වෙතත් මෙම තරගයේ ඉංදියාව අමිහිරි වාර්තා කිහිපයකටම හිමිකම් කීවා. ඒ අතරින් පලමුවැන්න පළමු පන්දු වාර 10 දී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව එනම් ලකුණු 13 ක් අද දිනයේ වාර්තා වීමයි. එමෙන්ම අවසාන වසර 10 තුළ ඉනිමකදී යැවූ වැඩිම නිලකුණු පන්දුවාර ගණන යැවීමට ද ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එමෙන්ම ඉංදීය කණ්ඩායමක් ඉංදියාවේදි ලබා ගත් තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය වෙනවා. මෑත ඉතිහාසයේ ඉංදියාව ලබා ගත් දරුණුම පරාජයද මෙය වන අතර  මෙම තරගයේ තවත් වාර්තා රුසක් පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.