ඔබ අසාමාන්‍ය ලෙස රූපවාහිනියට ඇබ්බැහි වෙලාද? විද්‍යාඥයන් කළ අමුතුම හෙළිදරව්ව

රූපවාහිනිය නැරඹීමට බොහෝ දෙනා පුරුදුව සිටිනවා. ඇතැම් විට එය ජීවිතයේ අංගයක් කර ගැනීමද අපේ බොහෝ ගෘහණියන්ගේ සිරිතක් වී තිබෙනවා. නමුත් නවතම පර්යේෂණයකට අනුව රූපවාහිනියට ඇබ්බැහි වූවන්ගේ මානසික මට්ටම සාමාන්‍ය පුද්ගලයන්ට වඩා දුර්වල වන බව අනාවරණය කරගෙන තිබෙනවා. Continue reading “ඔබ අසාමාන්‍ය ලෙස රූපවාහිනියට ඇබ්බැහි වෙලාද? විද්‍යාඥයන් කළ අමුතුම හෙළිදරව්ව”

නූතන ගෙවල් දොරවල් කඩා වැටෙද්දී රෝමය කඩා නොැවැටෙන්නේ මේ නිසා

නූතනයේ මිනිසා තනන ගොඩනැගිලි වසර සියගණනකින් ගරා වැටෙද්දී අතීත රෝම අධිරාජ්‍යයට අයත් කොලෝසියම වැනි ගොඩනැගිලි වසර දහස් ගණනක් පැරණිවුවද අදටත් නොනැසී පවතින්නේ ඇයිදැයි සොයාබලා ඇති ඇමරිකා පර්යේෂක පිරිසක් රහස ඇත්තේ රෝම ජාතිකයින් භාවිතා කළ සිමෙන්ති බදාමයේ බව අනාවරණය කරගෙන තිබේ.
රෝම ජාතිකයින් බදාම තනන්න්ට යොදාගෙන තිබෙන්නේ ගිනි කදු පිපිරීම් වලින් ඉතිරිවන අළු, ජලය හා හුණු මිශ‍්‍රණයකි.

මේ අළු වල පුළිගු වැනි දේ ඇති බවත් ඒවා බදාමය සවිවූ පසු අමතර ශක්තියක් සපයනවා සේම පැලූම් ආදිය පැතිරයාමද වළක්වන බවත් සොයාගැනීමට හැකිවූ බව පර්යේෂක පිරිස කියති.

රෝමානුවන්ගේ බදාම තැනීමේ කලාව වර්තමානයේ අප යොදාගන්නා තාක්ෂණයට වඩා පරිසර හිතකාමී බවද සඳහන්ය.

මේ තොරතුරු යොදාගෙන දැන් පර්යේෂක පිරිස සැරසෙන්නේ රෝම යුගයේ බදාම මෙකල නිර්මානය කිරීමටය.සාර්ථක වුවහොත් කාලාන්තරයක් පවතින ගොඩනැගිලි ඉදිකිරීමට හැකිවනවා සේම පරිසරයද ආරක්ෂා කරගත හැකිවනු ඇති බව ඔවුහු කියති.

මුලින්ම බිත්තරයද කිකිලිද? උත්තරය මෙන්න

ඔබ මෙතෙක් කල් අපහසුතාවයට පත් වූ තැනක් ලෙස කිකිලිද බිත්තරේද යන ගැටලූව හැදින්වීමට පුලූවන්. එයින් විමසන්නේ මුලින්ම ඇති වූයේ කිකිලිද? බිත්තරේද යන්නයි. මේ පිළිබදව දිගින් දිගටම සිතන්නට ගියහොත් විසදුමක් ලබා ගැනීමට හැකි නොවෙනවා නියතයි. නමුත් මේ වන විට විශ්වාස කළ හැකි පිළිතුරක් ලබා දීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

බ‍්‍රිතාන්‍ය විද්‍යාඥයන් පවසන්නේ මෙම තේරවිල්ලෙහි උත්තරය කිකිළි බවයි. එනම් බිත්තරයට කලින් කිකිළි ඇති විය යුතු ඔවුන් පෙන්වා දෙනවා. Sheffield විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය Colin Freeman, Warwick විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සමග එකතු වී මේ සදහා විද්‍යාත්මක සාක්ෂි අණාවරණය කළා.

ඔවුන් පවසන්නේ ප්‍රෝටින ආධාරයෙන් කිකිළිගේ ශරීරය තුළ බිත්තර නිපදවීම සිදු විය යුතු බවයි. එහි අදහස එම ආකාරයෙන් ස්වභාවිකව බිත්තරයක් ඇති විය නොහැකි වීමයි. ශරීරය තුළ බිත්තර කවචය සහ අන්තර්ගතය ඇති වන ආකාරය  HECToR සුපිරි පරිගණකය භාවිතයෙන් විද්‍යාඥයන් ඉතා සමීපව නිරීක්ෂණය කර තිබෙනවා. එමගින් ලැබෙන දත්තයන් හා වාර්තාවන් ද ඉහත නිගමනය ඔප්පු කරනවා.

මේ අනුව බිත්තරයද කිකිළිද ගැටලුව මින් පසුව තව දුරටත් ගැටලුවක් නොවනු ඇත.

ඔබ භාවිතා කරන බිත්තර දවස් කීයක් පැරණිද? තත්පර 5 න් හොයාගන්නේ මෙහෙමයි.

ඔබ ආහරයට ගන්නා බිත්තර වල නැවුම් බව සොයාගමු.

බොහෝ දෙනා තමාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගැනීමට බිත්තර ආහාරයට ගැනීම පුරුද්දක් කරගෙන සිටිනවා. නමුත් ඔබ වැරදීමකින් හෝ කල් ගිය බිත්තරයක් අනුභව කළහොත් එහි ප‍්‍රතිපලය නම් ඔබට වඩාත් පීඩාකාරී වන බව ඔබ දැනටමත් දන්නවා වෙන්න පුලූවන්. අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ අපි ආහාරය සදහා වෙළදපොලෙන් මිලදී ගෙනෙන බිත්තරය ඉතා කෙටි වේලාවකින් සහ ඉතාම පහසු ක‍්‍රමයකින් කොපමණ පරන බිත්තරයක්දැයි හදුනා ගන්නේ කෙසේද කියලා. මේ සදහා ඔබ කළ යුත්තේ ජල බදුනකට බිත්තරය දැමීම පමණයි. ඉන් පසුව බිත්තරය ගැන අදාල විස්තර පහතින් දැක්වෙනවා.

අලූත්ම බිත්තර.

අලූත්ම බිත්තරයක් ජල බදුනකට එක් කළ විගස එය ජල බදුන පතුලටම ගිලා බසිනවා. එමෙන්ම එය ජල බදුන පතුලෙහි තිරස් ලෙස පවතිනවා.

දින 7ක් පරණ බිත්තර.

මෙයත් ඉහත මෙන්ම ජල බදුන පතුලටම පැමිණෙනවා. නමුත් මෙය ජලය තුළ සිරස් ලෙසම පවතිනවා. එනම් එක් කෙළවරක් පතුලෙහි ස්පර්ශ වෙමින්.

දින් 21 ක් පැරණි බිත්තරය.

මෙම බිත්තරය පතුළටම කිදා බසින්නේ නැත. එමෙන්ම මතුපිට පෘෂ්ඨයේ පාවෙන්නේද නැත. ඒ අතර ප‍්‍රදේශයක සමතුලිත වෙමින් පවතී.

පරණ බිත්තර.

මෙම බිත්තරය ආහාරය සදහා කිසිසේත් සුදුසු නොවේ. මෙය ජල බදුනට දැමූ විට එය පෘෂ්ඨය මත පා වෙමින් පවතින අතර කිසිදු ආකාරයකින් ගිලෙන්නේ නැත.

මෙම ලිපිය මිතුරන්ටත් බලන්න Share කරන්න.

අද ගහෙන් කැඩුවා වගේ මාසයක් පුරාවට දෙහි කල් තබා ගනිමු

පහසුවෙන්ම දෙහි කල් තබා ගන්නේ මෙහෙමයි..
එදිනෙදා ආහර පිසීමේදී බොහෝ විට ප‍්‍රයෝජනයට ගන්නා රස කාරකයක් මෙන්ම ඖෂධීය ගුණයෙන් යුක්ත අමුද‍්‍රව්‍යයක් ලෙස දෙහි හැදින්වීමට පුලූවන්. ශ‍්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේදයකින්ම පාහේ කුමන හෝ විශේෂයක දෙහි සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. වසරේ එක් කාලයකදී අසාමාන්‍ය ලෙස මිළ ඉහල යන බව මුලූතැන්ගෙයි වැඩ කටයුතු වලදී දෙහි සදහා උනන්දුවක් දක්වන ඔබ දන්නවා ඇති. ඒ සදහා ප‍්‍රධාන වශයෙන් බලපාන්නේ ඵලදාව අඩු වීමයි. වෙළදපොළෙන් මිලදී ගන්නා දෙහි බොහෝ විට නිවසේ කෙලින්ම ශීතකරණයේ තැබීම හෝ බදුනකට දමා කල් තබා ගැනීම සාමාන්‍ය පුරුද්දයි.
එසේම කාමර උෂ්ණත්වය තුළ දෙහි තැබීමත් බොහෝ දෙනා සිදු කරනවා. නමුත් මෙම ක‍්‍රමය සම්පූර්ණ වශයෙන්ම වැරදි ය. දෙහි කාමර උෂ්ණත්වයේ තැබූ විට දින 7 ක් පමණ ගත වීමත් සමග ඝණ තත්වයට පත් වීමක් සිදු වෙනවා. එවිට යුෂ මිරිකා ගැනීම් බොහෝ සෙයින් අපහසු වෙනවා. එමෙන්ම පෝෂණ ගුණය ද හානියට පත් වෙනවා.

නමුත් මේ සඳහා එක් ක‍්‍රමයක් තිබෙනවා.
දෙහි, පොලිතීන් බෑගයක් තුළ හොදින් සීල් කර ශීතකරණයක තැබීම මගින් එවායේ පෝෂණ ගුණය, රසය මෙන්ම මෘදු ගුණයද ආරක්ෂා කරගනිමින් මාසයක පමණ කාලයක් ඉතා හොදින් කල් තබා ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙහිදී ප්ලාස්ටික් බෑගය විශේෂයෙන් වැදගත් වෙනවා. එමෙන්ම මෙම ක‍්‍රමය භාවිත නොකරන්නේ නම් දින 5ක් පමණ ඇතුළත දෙහි භාවිත කිරීමට වග බලා ගත යුතුයි.

ලංකාවෙ කොල්ලෙක් කෙල්ලෙක් නම් මේ දේවල් කරලා තියෙනවාද බල්න්න.

ශ‍්‍රී ලංකාව කියන්නේ ලෝකයේ තිබෙන සුන්දරම රටවල් වලින් 1 ක්. ඒ සුන්දරත්වෙ තව තවත් වැඩි වෙන්නෙ ලංකාවේ මිනිස්සුන්ගෙ මනුස්සකම සහ ආදරය එක්ක. මේ පුංචි දූපතේ අලංකාරය වචන වලින් විස්තර කරන්න නම් බෑ. අපි දැකලා නැති දේවල් කොච්චර නම් තියෙනවද? අද අපි කියන්න යන්නෙ අපේ ලංකාවෙ ඉන්නවා නම් අපි අනිවාර්යෙන්ම කළ යුතු දේවල් ටිකක් ගැන. මේ ලිස්ට් එකෙන් කරල තියෙන්නෙ මොනවාද බලන්නකො.

 

 

01. ටුක් ටුක් එකක් පදින්න.


 

 

02. රසම රස තැඹිලි බොමු.

 

03. ක‍්‍රිකට් සෙල්ලම් කරමු.

04. කොත්තු කමු.

 

05. දිය ඇල්ලකින් පනිමු.

06.  සිරීපාදේ ඉර සේවය බලමු.

07. තල්මස්සු බලමු.

 

08. පුරාතන අභිමානය සොයා යමු.

09.ගෝල් ෆේස් එකෙන් ඉස්සො වඩේ කමු.

10. දඹාන ආදිවාසීන් නරඹමු.

 

11. සෆාරියක් යමු.

12. කිමිදුම් සවාරියක් යමු.

13. වෝටර් රාෆ්ටින් යමු.

14. සීගිරි බිතු සිතුවම් නරඹමු.

15. උඩරට කදුකරය මැදින් දුම්රියෙන් ගමන් කරමු.

16.නුවර පෙරහැර බලමු.

17.අපේ සාම්ප‍්‍රදායක වාදන අසමු.

18. ඇඹුල් අච්චාරු කමු.

19. තේ දළු නෙළමු.

20. තල්/කිතුල් රා බොමු.

අනතුරුදායක දේවල් නම් කරන්න එපා. මේ ෆොටෝස් ටික අයිසෙක් එක ලංකාවට එන විදේශිකයන්ට කරන්න කියලා හදපු ලිස්ට් එකක්. ඊට කලින් ලංකාවෙ අපි මෙතනින් කීයක් කරලා තියෙනවාද කියලා කමෙන්ට් කරගෙන යන්න.

මිතුරන්ටත් බලන්න Share කරන්න.

 

 

කූඹියෝහි සිනා නොවී සිටිය නොහැකි හොදම කොටස් මෙන්න

කූඹියෝ කියන්නේ මෑත ඉතිහාසයේ ශ‍්‍රී ලාංකීය රූපවාහිනි නාට්‍ය අතර විප්ලවීය වෙනසක් සිදු කළ නාට්‍යයක්. එයට ප‍්‍රධාන හේතුව වුණේ එහි ඇතැම් කොටස් වල තිබූ යථාර්තය සහ අර්ථය බොහෝ මිනිසුන්ට සමීපවම දැනීම. එම හේතුව නිසා අවුරුදු දෙකක් පමණ පරණ වී තිබූ කූඹියෝ නාට්‍යය ඉතා ජනප‍්‍රිය වුණා. එහි ඇතැම් දෙබස් සිනහ නොවී බැලිය නොහැකි තරම් හාස්‍යයක් උපදවනවා. කූඹියෝ තුළ හමු වූ සිනා නෙවී බැලිය හැකි හොදම කොටස් කිහිපයක් පහළ වීඩියෝවෙන් බලන්න. ඒ වගේම අපිව Subscribe  කරන්න අමතක කරන්න එපා.

 

උදේ 8 ට පෙර මේ දේවල් කරොත් ඔබේ දියුණුව ප‍්‍රත්‍යක්ෂයි

පිබිදෙන්න, දිදුලන්න කැමති අයට උදේ වරුව කියන්නෙ හොඳ හිතවතෙක්. රැකියාවට යන්න කලින් උදේ පැය කීපය භාවිතා කොට ඔබට සාර්ථකත්වයක් වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකුත් ලද හැකියි. ලෝකයේ ඉහළ සාර්ථකත්වයක් ලද බොහෝ දෙනා මේ ආකාරයෙන්ම තම උදය කාලය ප‍්‍රයෝජනවත් ලෙස භාවිතා කළ බව සඳහන් වෙනවා. බ‍්‍රිතාන්‍ය අගමැතිවරියකු වූ මාග‍්‍රට් තැචර්, ලෝ සුප‍්‍රකට ඇමෙරිකානු වාස්තු විද්‍යාඥ ෆ‍්‍රෑන්ක් ලොයිඞ් රයිට්, ඩිස්නිලන්තයේ ප‍්‍රධාන විධායක නිලධාරී වැනි අති සාර්ථක පුද්ගලයින් හැම දෙනෙක්ම පාහේ පාන්දර 5ට කලින් අවදි වූ අය බව සඳහන්. ඔබත් ඒ වගේ සාර්ථකත්වයක් ලබන්න කැමති නම් මේ කරුණු අත් හදා බලන්න.

ව්‍යායාම්වල යෙදෙන්න

උදෑසන ව්‍යායාම්වල යෙදීමෙන් ශරීර ශක්තියට අපූරු ජවයක් වගේම ජීවිතය ජය ගන්න ඕනේ වැනි හැගීමක් දැනෙනවා. මෙය දිවියේ කාර්යන් ප‍්‍රබෝධමත් කිරීමට හොඳ පිටිවහලක්. ඒ වගේම උදෑසන මේ ආකාරයෙන් ව්‍යායාම්වල යෙදීමෙන් දවස අවසානයේ විඩාපත් බවක් දැනෙන්නේ නැහැ. හෙටම වෙනදාට වඩා විනාඩි 15කට කලින් අවදි වී බලන්න ඔබ අතින් වෙනදාට වඩා බොහෝ දේවල් ඉටු වනු නොඅනුමානයි.

ඔබේ දවස සැලසුම් කරන්න

ඔබේ ඉලක්කයන්, ඔබ කළ යුතු දෑ ආදිය පිළිවෙළකට පෙළගස්වමින් දවස තුළ ඔබ ඉටු කළ යුතු දෑ උපරිමව කිරීමට මග සකසාගන්න. මේ වගේ දෙයක් කරන්න හොඳම කාලය උදැසන කාලයයි. ඒ දවසේ නිස්කලංකම කාලය උදෑසන කාලය හින්දයි. ඒ වගේම දවසේ විසඳිය යුතු ගැටලූ පිළිබඳ සිතා බලන්න හොඳ කාලයත් මෙයයි. මේ පෙළ ගැස්වීමේදී ඔබේ කාර්ය බහුල කාර්යන් අතර විනාඩි 10ක පමණ විවේක කාලයක් තමන්ගේ අසුනේ සිටම කළ හැකි භාවනාවක් ආදියත් ඊට ඇතුළත් කරන්න.

සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර වේලක් ගන්න

දවසේ කාර්යන් සඳහා මනාව මූණ දීම සඳහා ඔබ ඔබව හැඩ ගැස්විය යුතුයි. ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අත්‍යවශ්‍යම දෙයක්. මේ නිසා මොන තරම් ප‍්‍රමාද වුණත් උදේ ආහාර වේල නියම වෙලාවට ගැනීම අතපසු කරන්න එපා. වෙලාව මදි බව හැගේ නම් වෙනදාට වඩා විනාඩි 15ක් විතර කලින් අවදි වන්න. එසේ නොවුණහොත් බොහෝ විට සිදුවන්නේ ඔබේ සිත ද එසේ වැඩවල නිරතවීම වෙනුවට කුසගින්න ගැන සිතීමට පෙළඹීමයි. උදේ ආහාරය ගෙදරින්ම ගැනීම සෞඛ්‍යට විතරක් නමෛයි පවු‍ලේ සම්බන්ධතාවයටද යහපත් ලෙස බලපානවා.

මනසින් දකින්න

බොහෝ විට අපි අපේ ශරීර සෞඛ්‍ය ගැන සිතා මානසික සෞඛ්‍ය ගැන හිත යොමු කරන්නෙ නැහැ. දවසේ වැඩ කටයුතු පැටළුනොත් සිතට දැනෙන ආතතිය මානසික සෞඛ්‍යට සෑහෙන්න බලපාන්න පුළුවන්. ඒ හින්දා උදෑසන විනාඩි කීපයක් මනසින් භාවනාවකට සම වැදී දවසේ කාර්ය ගැන මනසින් දකින්න. දවසේ ඇති ගැටලූ මනසින් විසඳීමට උත්සාහ ගන්න. ඔබට ලද හැකි සාර්ථකත්වයන් ගැන සිහිපත් කරන්න ඒ වගේම හැම දේ ගැනම ධනාත්මකව සිතීමට යොමු වීමෙන් දවස හොඳ මූඞ් එකකින් ඇරඹීමට ඔබට අවස්ථාව සැලසේවි.

ඒපා කරපු දේවල්වලින් දවස අරඹන්න.

අපේ එදිනෙදා කාර්යභාරයන් ලැයිස්තුවේ අඩුම තරමින් අප කිරීමට අකමැති දේවල් එකක්වත් තියෙන්න පුළුවන්. ඒවා අතහැර දැමුවත් සතියකින් මාසයකින් හෝ අපට ඒවා කිරීමට සිදුවෙනවා. අන්තිමට එපා වෙලා එවැනි දේ කිරීම සිතටත් මහ බරක්. ඒ හින්දා දවසේ කාර්යන් ඇරඹීමේදී මුලින්ම වැඩි කැමැත්තක් නොදක්වන දේ කරන්න. උදේ පාන්දර, මොකද උදේ පාන්දර ඔබ හොඳ මානසික මෙන්ම කායික ශක්තියකින්ද සිටින නිසා අමාරු දේවල්වලට හොඳින් මූණ දීමට හැකියාවක් ඔබට තිබෙනවා. මේ ආකාරයෙන්ම කටයුතු කිරීමේදී දවස ක‍්‍රම ක‍්‍රමයෙන් ඔබට පහසු වෙනවා. ඒ හින්දා දවස අවසානයේ ඔබේ සිතට දැනෙන්නෙ විඩාපත් බවක් නොව අස්වැසිල්ලක්. ඒ අස්වැසිල්ල පසුදා උදෙන්ම අවදිවන්න ඔබට හොඳ පිටිවහලක් වනවාට කිසිදු සැකයක් නැහැ

කාන්තාවන් ගැන කියවෙන මේ දේවල් 100% ක් ඇත්ත නේද?

1. කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප‍්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ.

සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත‍්‍ර වචන ප‍්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ.

2. බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව

මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි.

3. යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි. මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි.

4. කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප‍්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප‍්‍රශ්න වලට හේතු සධක වේ.

5. බොහෝ කාන්තාවන් තම ලිංගික ක‍්‍රියාකාරකම් වලට නැති නම් ස්වයං වින්දනය සදහා ස්වාමියා නිවසෙන් බැහැරවූ විට යොදාගනු ලබන්නේ තම නානකාමරයයි.

6. ඔබට සැබවින්ම ආදරය කරනු ලබන බිරිද හෝ පෙම්වතිය යම් අවස්ථාවන් වලදී ඔබගේ නිදියහනේ කොට්ටය හෝ ඔබගේ ඇදුම් සිපගනු ඇත එය සිදුකරනු ලබන්නේ ඔබ නිදි අතරේ හෝ අවට නොමැති අවස්ථාවන් වලදීය.

7. වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය. රාත‍්‍රී බෝජන සංග‍්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි.

8. පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප‍්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

9. කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලූ දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ.

10. යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි.

11. කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත.

12. පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක‍්‍රියා මාර්ග හා අනෙකුත් ක‍්‍රියාමාර්ග ගැනීමටය.

මෙම පවුඩර් වලින් ඔබ සහ ඔබේ දරුවා ප‍්‍රවේශම් කරගන්න දැනුවත් වෙන්න

සෑම නිවසකම බොහෝ විට බාල මහලූ වෙනසකින් තොරව භාවිතා කරන ද‍්‍රව්‍යයක් ලෙස පවුඩර් සහ ක‍්‍රීම් වර්ග හැදින්විය හැකිය. බොහෝ දෙනා විස්වාස කරන්නේ එමගින් සමට මෘදු බවක් ලබා දෙන බවයි. ඔබේ නිවසේත් එය සමාන්‍ය තත්වයද? එසේ නම් වහාම එය නතර කිරීම ඔබේ ශරීර සෞඛ්‍යයට වඩාත් හිතකර බව නවතම පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා. මෙහිදී ඔබ භාවිතා කරන පවුඩර් වර්ග නිසා විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඩිම්භ කෝෂ ආශ‍්‍රිත පිළිකා තත්වයන් හට ගැනීමේ ප‍්‍රවණතාවය 33% කින් පමණ වැඩි බව වාර්තා වෙනවා.

මෙහිදී විශේෂයෙන්ම වෙළදපොලේ බහුලවම දැක ගත හැකි ජොන්සන්ස් ඇන්ඞ් ජොන්සන්ස් වෙළද නිෂ්පාදන වල මෙම අවධානම ඉතා ඉහළ වෙනවා. වෛද්‍ය ඩැනියෙල් ක‍්‍රැමර් මහතා පවසන අන්දමට ඩිම්බ කෝෂ ආශ‍්‍රිත පිළිකා තත්ව වලට ගොදුරු වන්නන්ගෙන් 10000 කට පමණම හේතු වන්නේ දිනපතා ලමා පවුඩර් වර්ග භාවිතා කිරීම බවය.

වර්ෂ 1982 පමණ වන විටදී ඩිම්බ කෝෂ ආශ‍්‍රිත පිළිකා සහ ළමා පවුඩර් වර්ග අතර පැහැදිලි සම්බන්ධතාවයක් පවතින බව අනාවරණය කර ගැනුණා. එහිදී සොයා ගැනුනේ කාන්තාවන් මිනිරන් අඩංගු පවුඩර් වර්ග 300 වතාවකට වඩා වැඩි පුර භාවිතා කරන්නේ නම් ඔවුන්ට පිළිකාවක් වැලදීමේ වැඩි ඉඩක් පවතින බවය. මෙම වකවානුවේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමාජයට සත්‍ය අවබෝධ කරවීමේ ලා මහගු මෙහෙයක් ඉටු කළා.

ජොන්සන්ස් වෙලඳ නිශ්පාදන වල අඩංගු උපදෙස් කියවා බැලූවහොත් ඇස් වලට සම්බන්ධ කිරීමෙන් සහ ආස්වාස කිරීමෙන් වලකින ලෙස ඔවුන් පවසා තිබෙනවා. නමුත් අඩංගු තලාතු මිනිරන් අංශු වල ශරීරය තුළ වර්ෂයක් වුවද පවතිමින් ඩිම්බ කෝශ වෙතට ගමන් කිරීමේ හැකියාව ගැන කිසිදු සදහනක් කර නෑ. පිළිකා සෛල වලට වර්ධනය වීමට ඉහා හිතකර පරිසරයක් සපයන මෙම අංශු පිළිබද කිසිදු සදහනක් නොකරන්නේ ඇයිද යන්න තාමත් ඔබට විශාල ගැටලූවක් වන්නට පුලූවන්.

මෙහිදී මෙතෙක් වෙලා අවධානය යොමු වූයේ කාන්තාවන් කෙරෙහි ඇති බලපෑම පමණි. නමුත් කුඩා ළමුන් කෙරෙහිද මෙම කාබන් අංශු විශාල බලපෑමක් ඇති කරනවා. මෙම කුඩා කාබන් අංශු වාතය ඔස්සේ ස්වසන මාර්ගයට ඇතුළු වී ශ්ලේස්මලය තුළ තැන්පත් විය හැකි අතර එවිට ශ්ලේස්මලය වියලී හුස්ම ගැනීමේදී අමතර ශබ්ද ඇති වීම වැනි ආබාධයන් ඇති විය හැකිය. තවද නිව්මෝනියාව වැනි බරපතල රෝගී තත්වයන් ද ඇති විය හැකි බව වාර්තා වෙනවා.

මෙම තත්වයන් හෙලි නොකරන්නේ ඇයි.

බොහෝ සමාගම් තම මූලික පරමාර්ථය වන මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙති. එහි ඇති අවධානම් බව ආදිය කිසිවක් සැලකිල්ලට නොගෙන ව්‍යාපාරික අරමුණ ඉටු කර ගනිති. වෙලද පොලෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නොහැකි නම් අවම වශයෙන් සිගරට් පෙට්ටියෙහි පිළිකා සදහා හේතු වේ ලෙස සදහන් කර ඇති අන්දමටම මෙහිද ලපිළිකා සදහා හේතු වේල යන්න හෝ දැන්වීම කළ හැකිය.

අනෙක් අතට මෙම තත්වය මාධ්‍ය ඔස්සේද කිසිදු සටහනක් නොකෙරුණි. අසරණ කොල්ලන් කෙල්ලන්ගේ පොඩි පොඩි දේවල් අනවශ්‍ය ලෙස හුවා දක්වමින්, අසරණ ගොවියෙකුගේ රා මුට්ටිය රටටටම පෙන්වන, අපේ රටේ මාධ්‍යය හැමදාමත් බහු ජාතික සමාගම් ඉදිරියේ අසරණ වීම ශ‍්‍රී ලාංකිකයෙකු ලෙස කනාගාටුදායක තත්වයකි.

මේපිළිබද ඔබේ අදහස් ද ඉදිරිපත් කරන්න. මෙම වටිනා ලිපිය මිතුරන්ටත් බලන්න Share කරන්න.